ජනතාවට නිවේදනයක් - මේ පැති වලට යන්න එපා

Report

හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම තාවකාලිකව වසාදමා ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ හේතුවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාලම යථාවත් කරන තෙක් මීමුරේ සංචාරය සඳහා පැමිණීමෙන් වළකින ලෙසය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා, "හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කරගෙන යනවා.

අද සුනාමියක්! - තීරණාත්මක දාසක් - ජපන් වැසියන් බිය කළ අනාවැකිය මෙන්න

අද සුනාමියක්! - තීරණාත්මක දාසක් - ජපන් වැසියන් බිය කළ අනාවැකිය මෙන්න

ඒ අතරතුර පාලමේ පාදමත් එක්ක අලුත්වැඩියාව සඳහා ගලක් විදින්න වුණා.

මේ හේතුවෙන් මේ වනවිට පාලමෙන් වාහන ගමනාගමනය තාවකාලිකව නතරකර තිබෙනවා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මීමුරේට මේ දිනවල විනෝද ගමන් එනවානම් පාලම නැවත සකස්කරන තෙක් එන්න එපා කියලා.

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරු දන්වා සිටියා දින 3ක් ඇතුළත මෙය යථාවත් කරන්න පුළුවන් වෙයි කියලා" යනුවෙන් පැවසීය.