බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

Report

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11) සිය සහතිකය ලබාදුන්නේය.

මෙම පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය අප්‍රේල් 9 වැනිදා පැවැත්වුණු අතර, කාරක සභා අවස්ථාවේදී එයට සංශෝධන ඇතුළත් කෙරිණි.

පසුව, තෙවැනි වර කියවීමෙන් අනතුරුව, ඡන්ද විමසීමකින් තොරව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය.

කෙහෙළිය අදත් CIDයට පැමිණෙයි

කෙහෙළිය අදත් CIDයට පැමිණෙයි

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු 1 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇත.

අද ගම්බිම් බලා යන ජනතාවට මෙන්න විශේෂ දැනුම්දීමක්!

අද ගම්බිම් බලා යන ජනතාවට මෙන්න විශේෂ දැනුම්දීමක්!