රජයේ දේපොළ පරිහරණය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

Report

රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කරන්නේ නම් ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

මීට පෙර රජයේ තනතුරු දරමින් සිටියදී රජය මගින් ලබාදුන් නිශ්චල සහ චංචල දේපොළ එම නිලතලවලින් ඉවත්වූ පසු නිත්‍යානූකූල නොවන ආකාරයට පරිහරණය කරන බවට පැමිණිලි රැසක් ලැබි ඇති බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරුන් 08ක් නාමල් වෙනුවෙන් තීරණයක් ගනී..එම අටදෙනා මෙන්න..

රාජ්‍ය අමාත්‍යවරුන් 08ක් නාමල් වෙනුවෙන් තීරණයක් ගනී..එම අටදෙනා මෙන්න..


ඒ අනුව, එලෙස පරිහරණය කරන්නේ නම් ඒවා කඩිනමින් ආපසු භාරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම අදාළ බලධාරීන් සිදුකළ යුතු බව සඳහන් කරමින් අමාතයාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම රජයට අනුබද්ධ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් දැනුම්වත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නිවේදනය නිකුත්කර ඇත.

විවාහ වූ අයට සහ වෙන්න ඉන්න අයට අද ග්‍රහ පිහිටීම බලපාන හැටි මෙන්න..සියලු පලාඵල විස්තර මෙතනින් බලන්න.

විවාහ වූ අයට සහ වෙන්න ඉන්න අයට අද ග්‍රහ පිහිටීම බලපාන හැටි මෙන්න..සියලු පලාඵල විස්තර මෙතනින් බලන්න.


අදාළ ලිපියෙහි දක්වා ඇත්තේ, දූෂණ විරෝධි පනතේ 41 සහ 111 වගන්ති ප්‍රකාරව එහි මෙලෙස කිසියම් පුද්ගලයෙකු තවදුරටත් නීත්‍යානුකූලව අදාළ දේපොළ රජය වෙත භාර නොදීම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බවය.