රාජ්‍ය අමාත්‍යවරුන් 08ක් නාමල් වෙනුවෙන් තීරණයක් ගනී..එම අටදෙනා මෙන්න..
ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පවසනවා.
ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටක් බවයි පැවසෙන්නේ.
එම රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ
01 ඩී. වී චානක
02 තේනුක විදානගමගේ
03 ශෂින්ද්‍ර රාජපක්ෂ
04 අශෝක ප්‍රියන්ත
05 මොහාන් ද සිල්වා,
06 ඉන්දික අනුරුද්ධ
07 ප්‍රසන්න රණවීර
08 සිරිපාල ගම්ලත්
යන මහත්වරු වෙති.
ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය කාලයේදී පෙන්වා දී තිබුණා.
කෙසේ වෙතත් ආණ්ඩුව එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි දැනගන්නට ඇත්තේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමට ඊයේ තීරණය කළ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමා අතිශයින්ම පෞද්ගලික හේතුවක් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශපාලනය කිරීමේදී පෞද්ගලික තීරණ ඈඳා නොගන්නා ලෙස නාමල් රාජපක්ෂ මහතා එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
