ස්පා එකේ දී ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට අතවර කළ සේවකයා අත්අඩංගුවට
උණවටුන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට අතවර කළ බව කියන සැකකරුවෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් අද (2026 මැයි 12) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සම්බාහන ආයතනයේ සේවය කරන 38 හැවිරිදි පුද්ගලයෙකි.
පසුගිය මැයි 06 වැනි දින මෙම විදෙස් කාන්තාව ප්‍රතිකාර ලබාගැනීම සඳහා අදාළ මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේදී, ප්‍රතිකාර කරන මුවාවෙන් සැකකරු විසින් මෙම අතවරය සිදුකර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අද දින සංචාරක පොලිස් කොට්ඨාසය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් කාර්යාංශය විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.