අල්ලස් කොමිසමෙන් පිටව ගිය මහින්දගෙන් සංවේදී සටහනක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (12) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම හරහා විශේෂ සටහනක් තබා තිබේ.
ජනතාව රවට්ටන්න පරීක්ෂණ කරන්න එපා.. ආණ්ඩුව ලිස්සලා යන්න හැදුවත් අපි හෙට එනවා - නාමල් රාජපක්ෂගෙන් රතු එළියක්
එහිදී ඔහු සඳහන් කෙරූ සටහන පහතින් උපුටා දක්වා ඇත.
"ජනාදරය තරම් කෙනෙකු සතුටු කරවන දෙයක් දේශපාලනයේ නොමැත. තම මව්බිමට ද්‍රෝහී නොවීම තරම් සතුටක් මේ මහ පොළොවේ උපන් මිනිසෙකුට නොමැත. මම සිටින්නේ සතුටිනි. මේ මගේ ජනතාවයි. මහින්දගේ ජනතාවයි. ඔබ සැමට ස්තුතියි"