තියුණු ජයක් සමගින් අද මැච් එකේ සුපිරි තත්ත්වය - ප්‍රසාද ලකුණු සටහනෙත් පෙරමුණටම එයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්. (PHOTOS)

Cricket Pakistan Pakistan national cricket team South Africa National Cricket Team South Africa
By krishani Oct 27, 2023 05:31 PM GMT
krishani

krishani

Report

අද (27) පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Aiden Markram පන්දු 93කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමග ලකුණු 91ක් රැස්කර ගනු ලැබීය.

Aiden Markram දැවී යාමත් සමග තරගයේ වැඩි වාසිය පාකිස්තානය දෙසට යොමු වූ අතර අවසානයේ ආරක්ෂිතව කඩුල්ලේ රැඳී සිටි Keshav Maharaj හතරේ පහරක් සමග දකුණු අප්‍රිකාව තරගයෙන් තියුණු ජයක් හිමි කරගැනීමට සමත්විය.

ඒ පන්දුවාර 47යි පන්දු 2කදී ලකුණු කඩුලු 9කට ලකුණු 271ක් රැස්කරගනිමින් ය.

Shaheen Shah Afridi ලකුණු 45කට කඩුලු 3ක් දවා ගනු ලැබීය.

කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පැමිණීමට දකුණු අප්‍රිකාව සමත් විය.

GalleryGalleryGallery
ReeCha