ඔක්තෝම්බර 01 දා සිට 05 දක්වා විශේෂ දෙයක් රජය කරයි,මෙන්න විස්තරය
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ඔක්තෝබර් පළවෙනි දා සිට පස්වෙනිදා දක්වා ඇතුළත කාල සීමාව ජනාවාස සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඒ අනුව, එහි සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 01 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බවයි නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ.
“තමන්ටම නිවසක් - ලස්සන ජිවිතයක්“ යන්න මෙවර ජනාවාස සතියේ තේමාව වන බවයි අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පවසා සිටියේ. තමාටම අයත් නිවසක් හිමි කරදීම මෙම වැඩසටහනේ අරමුණ වන බවද, මෙම සතියට සමගාමීව නිවාස ආධාර ලබාදීම, නිවාස හිමිකම් ඔප්පු ලබාදීම ඇතුලු වැඩසටහන් රැසක් සිදු කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
පළමු අදියර යටතේ, නිවාස 2846 ක් ජනතා අයිතියට පත් කිරීමට සහ ඉඩම් ඔප්පු 1000 ක් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍ය අනුර කරුණාතිලක වැඩිදුරටත් පවසා සිටියේ.
[QSOJ5LL ]
රට පුරා බිහිසුණු මාරක අනතුරු රැසකින් කුඩා දැරියක්, පොලිස් නිලධාරියෙක් ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට