සූර්ය විදුලි අර්බුදය උග්‍ර වෙයි - බැංකු පද්ධතියට දැඩි අනතුරක්

Report

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති හා කුඩා ජල විදුලි බලාගාර ක්ෂේත්‍රය මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.

විදුලි බල මණ්ඩලය විසින් සති අග (සෙනසුරාදා හා ඉරිදා), රජයේ නිවාඩු දින හා මෑතකදී සතියේ දවස්වලටද විදුලි මිලදී ගැනීම අත්හිටුවීම හා විදුලි ඒකකයක මිල දැඩි ලෙස අඩු කිරීම හේතුවෙන් බලාගාර හිමියන්ගේ ආදායම් බිඳ වැටී ඇත.

මේ තත්ත්වය හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය ඉදිරියේදී බරපතල අවදානමකට ලක්වීමට ඉඩ ඇති බව බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එනිසාම පාරිභෝගික තැන්පතු ද අවදානමට ලක්ව ඇතැයි පැවසේ.

කුඩා ජල විදුලි බලාගාර, වහලය මත සවිකරන ලද සූර්ය පැනල හා සූර්ය බලාගාර ඉදිකිරීමට වැයවූ මුදලින් 70%කට ආසන්න ප්‍රමාණයක් බැංකු ණය ලෙස ලබාදී ඇතැයි ද වාර්තා වේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පත්වීමෙන් පසුව සූර්ය බලයෙන් ලබා ගන්නා විදුලි ඒකකයක මිල රුපියල් 37/- සිට 27/ දක්වාද ඊට පසුව 17/- දක්වා ද මේ වන විට කප්පාදු කර තිබේ.

ඩඩ්ලි සිරිසේන බිලියන 2.7කට හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිය කතාවේ ඇත්ත නැත්ත මෙන්න

ඩඩ්ලි සිරිසේන බිලියන 2.7කට හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිය කතාවේ ඇත්ත නැත්ත මෙන්න

ඉන් නොනැවතී එම අංශවලින් සති අග දිනයන්හිදී (ඉරිදා/සෙනසුරාදා) විදුලිය ලබා ගැනීමත්, රජයේ නිවාඩු දිනවලදී විදුලිය ලබා ගැනීමත් අත්හිටුවා තිබේ. සූර්ය බල උත්පාදනය සඳහා වහලමත සූර්ය පැනල ඉදිකිරීම ඇතුළුව සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා එක්ලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකට බැංකු මගින් ණය දී ඇති බවද මේ අතර වාර්තා වේ. කෙසේවුවද, වත්මන් තීන්දු හේතුවෙන් සූර්ය බලාගාර පවත්වාගෙන යනු ලබන 360කට ආසන්න ආයෝජකයෝද මේවන විට ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන බව පැවසේ.

සාමාන්‍යයෙන් ජල විදුලිය, විදුලි මෙගාවොට් එකක් නිෂ්පාදනය සඳහා බලාගාර ඉදිකිරීමේදී රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් වැය වන බවත්, එසේම සූර්ය බලයෙන් විදුලි මෙගාවොට් එකක් නිෂ්පාදනයට අදාළ ඉදිකිරීම්වලට රුපියල් මිලියන 350ක් වැනි විශාල මුදලක් වැය වන බවත් පැවසේ.

වසර ‘2025-2030’ අතර කාලය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පසුගියදා ‘පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය සඳහා සැලැසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්ත ද වත්මන් තත්ත්වය නිසා එය හීනයක්ම වනු ඇති බව එම ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

“අපි ට්‍රම්ප්ගේ ලෝකයේ ජීවත් වෙනවා” - රනිල්ගේ ප්‍රකාශය එක්කම දේශපාලනය උණුසුම් වෙයි

“අපි ට්‍රම්ප්ගේ ලෝකයේ ජීවත් වෙනවා” - රනිල්ගේ ප්‍රකාශය එක්කම දේශපාලනය උණුසුම් වෙයි

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව වසර 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම හා කාබන් උදාසීන කිරීමට සැලැසුම් කර ඇතත් වත්මන් තත්ත්වය හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට ආයෝජනය කිරීමට මේවන විට ආයෝජකයින් මැලිවී සිටින බවද පැවසේ.

එසේම වත්මන් ඇමතිවරයා පත්වූ දින සිට අදාළ ක්ෂේත්‍රවලට ආයෝජනය කරන ලද ආයෝජකයින්ට ඔහු හමුවීමට වේලාවක් වෙන්කර ගැනීමද ඉතා අපසහුව ඇති බව පැවසේ.

නම හෙළිකිරීමට අකමැතිවූ ආයෝජකයෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සැලැසුමට කැබිනට් අනුමැතිය ලබා ගනුලැබුවේ අන්තර් ජාතික මූල්‍ය අරමුදල (IMF) ඊළඟ වාරිකය ලබා ගැනීමේ පූර්ව සැලැසුමකට පමණක් බවත්, පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීමට මහ පොළව තුළ කිසිදු උනන්දුවක් නැති බවයි.

 මේ වන විට පොසිල ඉන්ධන භාවිතා කර කාර්යබහුල වේලාවන් වල ලබා ගන්නා විදුලි ඒකකයක් සඳහා විදුලි බල මණ්ඩලය රුපියල් 85/-ක් ගෙවන බවද පැවසේ.

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

අද දිනය ඔබට වාසනාවන්තද? | ලග්න පලාපල

අද දිනය ඔබට වාසනාවන්තද? | ලග්න පලාපල