ඩඩ්ලි සිරිසේන බිලියන 2.7කට හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිය කතාවේ ඇත්ත නැත්ත මෙන්න
නිතර මාධ්‍ය හා සමාජ මාධ්‍යවල ආන්දෝලනයට ලක්වන කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා (අරලිය සහල් ව්‍යාපාර සමූහයේ හිමිකරු) මේ වන විට සිංගප්පූරුවේ රැඳී සිටිමින් ඩොලර් මිලියන 9කට (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.7කට) ආසන්න මිලකට හෙලිකොප්ටරයක් මිලදී ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව ආරංචි මාර්ග හරහා වාර්තා වේ.
මෙම සාකච්ඡා සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනය (Singapore Airshow 2026) අතරතුර ආරම්භ වූ බවත්, Bell Textron වැනි නිෂ්පාදකයින් සමඟ මුලික සාකච්ඡා සිදුකර ඇති බවත් Aviation Voice වැනි මාධ්‍යවලින් වාර්තා වී ඇත.
ඩඩ්ලි සිරිසේන මහතා අරලිය සහල් ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාර 25කට ආසන්න සමූහයක හිමිකරුවකු වන අතර, ඔහු පසුගිය දිනවලදී Rolls-Royce Phantom Series 8 Extended Wheelbase (EWB) සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීම හේතුවෙන් දැඩි මාධ්‍ය අවධානයට ලක් විය. එම ගනුදෙනුවේදී රේගුවෙන් රුපියල් මිලියන 70ක දඩයක් පැනවීම හා වැරදි මාදිලියක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගැටළු ඇති වූ අතර, ඔහු එය මැදිහත් සමාගමක් හරහා සිදුකළ බවත්, රේගු ගැටළු ඔහුගේ වගකීම නොවන බවත් ප්‍රකාශ කර ඇත.