ඡන්ද කාලයේ සමාජ මාධ්‍ය ගැන ගත් විශේෂ තීරණය..අදාළ ආයතනත් සහයෝගය දීමට සැරසෙයි..
මැතිවරණ කොමිසමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ, කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරය.
මේ අතර අද (09) පෙරවරුවේ මැතිවරණ නීති හා මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණි.
මේ වනවිට සමාජ මාධ්‍ය සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවත් මේ හේතුවෙන් මැතිවරණ කාල සීමාවේදී විශේෂ අවධානයක් සමාජ මාධ්‍ය සඳහා යොමු කර ඇති බවයි, මෙහිදි අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගල මහත්මිය පැවසුවේ.
"අපි විශේෂ අවධානයක් ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් කියන සමාජ මාධ්‍යවලට යොමු කරලා තියනවා. අපි ඒ ආයතන සමග සෘජුව සම්බන්ධ වෙලා තියනවා. සමාජ මාධ්‍ය නියාමනයේදී අපි විසින් නිකුත් කරන උපදෙස් සහ නියෝගවලට අනුකූල නොවෙනවා නම් ඒ ගොල්ලන්ගෙන් සම්මුතීන්වලින් ඔබ්බට ගිහිල්ලා අපිට සහයෝගය දක්වන්න ඒ ගොල්ලෝ කැමැත්ත පළ කරලා තියනවා."