ජංගම දුරකථන වට්ස්ඇප්, ෆේස්බුක්, යූටියුබ් නිසා සිදු වෙමින් යන භයානක දෙයක් ගැන දැනුම්දීමක්..

Report

නව යෞවනයන් අතර එච්.අයි.වී වෛරසය ආසාදිතයන් ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

හෙට ට (01) යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය නිමිති කරගෙන කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇය මේ බව අනාවරණය කළේ ය.

පසුගිය වසරේදී වාර්තා වූ එච්.අයි.වී. නව ආසාදිතයන් අතුරින් සියයට 15ක් අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් බවත් එම සංඛ්‍යාව 105ක් බවත් ඇය කියා සිටියේ ය.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..අඩු කළයුතු මිල ගණන් ගැනත් කලින්ම කියයි..රුපියල් 50කින් අඩු කරයි?..

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..අඩු කළයුතු මිල ගණන් ගැනත් කලින්ම කියයි..රුපියල් 50කින් අඩු කරයි?..


ඇය සඳහන් කළේ, ජංගම දුරකථන වට්ස්ඇප්, ෆේස්බුක්, යූටියුබ් ඇතුළු නොයකුත් නවීන තාක්ෂණ ක්‍රම හරහා නව සම්බන්ධතා සහ සැකකරුවන් සොයාගැනීමට යෑම මෙයට හේතු වී ඇති බවයි. 

නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම සහ යම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි කාරණා තරුණ – තරුණියන් අතර නව ආසාදිතයන් වැඩිවීමට තවත් හේතුවක් වී ඇතැයිද ඇය කියා සිටියා.

මේ නිසා පාසල්වල වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය ගැන වැඩි අවධානයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරවීමට පියවර ගන්නා බවද ඇය ප්‍රකාශ කළා.

අදින් අවසන් වන දෙයක් ගැන දැනුම්දීමක්.. රට පුරා මේ වෙනුවෙන් අද විශේෂ දිනයක් ප්‍රකාශයට පත්කරයි.

අදින් අවසන් වන දෙයක් ගැන දැනුම්දීමක්.. රට පුරා මේ වෙනුවෙන් අද විශේෂ දිනයක් ප්‍රකාශයට පත්කරයි.


ඇය කියා සිටියේ, ලිංගික අධ්‍යාපනය පාසල් දරුවන්ට ගුරුවරුන් නිසියාකාරව අවබෝධ කර දීම තුළින් ඔවුන් එච්.අයි.වී. වෛරසයට ගොදුරුවීමේ අවධාන මෙන් මුදා ගතහැකි බවයි.

You May Like This Video