බෝයිං ගුවන් යානයක් බිහිසුණු අනතුරක - අහසේදී යානයේ රෝදයකින් ටයරයක් ගැලවී යයි මගීන් මර බියෙන් හඬා වැටෙයි [VIDEO]
මෂාඩ් (Mashhad) සිට ඉරානයේ කර්මන්ෂා (Kermanshah) බලා පියාසර කරමින් තිබූ 'සෙපෙහ්රාන් එයාර්ලයින්ස්' (Sepehran Airlines) සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක්, ගුවන්ගත වීමෙන් සුළු වේලාවකට පසු හදිසි ගොඩබෑමක් සිදු කර ඇත.
ඊට හේතු වූයේ යානයේ රෝදයකින් ටයරයක් ගැලවී යාම හේතුවෙන් එන්ජිමේ දෝෂයක් සහ දැඩි කම්පනයක් ඇති වීමයි. යානය මෂාඩ් ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් සුළු වේලාවකට පසුව මෙම සිදුවීම වාර්තා විය. රෝදයේ ටයරය ගැලවී යාමෙන් පසු එන්ජිමේ ගැටලුවක් ඇති බව නියමුවා විසින් මගීන්ට දැනුම් දී තිබේ.
යානය දැඩි ලෙස කම්පනය වීමට පටන් ගත් අතර, ඒ හේතුවෙන් නියමුවන් යානය ආපසු හරවා මෂාඩ් වෙත රැගෙන යාමට තීරණය කළ අතර එහිදී එය ආරක්ෂිතව ගොඩබස්වන ලදී.
මෙම දැඩි කම්පනය හේතුවෙන් ගුවන් යානයේ අභ්‍යන්තර සිවිලිමේ කොටස්වලට සහ මගීන්ගේ ගමන් මලු තබන ඉහළ රාක්කවලට (overhead compartments) හානි සිදුවී ඇති බව වාර්තා වේ.
සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනවලට අනුව, එම රාක්කවලින් මගීන්ගේ බඩු බාහිරාදිය බිම වැටී ඇති අතර, ඇතැම් දෑ යානය තුළ සිටි පුද්ගලයින්ගේ ඇඟේ වැදී ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ යානය තුළ ලබාගත් දර්ශනවලින් දැක්වුණේ, යානය බරපතල අනතුරකට ලක්ව ඇතැයි සිතූ මගීන් බියෙන් කෑගසමින් සහ යාච්ඤා කරමින් සිටින ආකාරයයි.
හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට
කෙසේ වෙතත්, යානය මෂාඩ් ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වන ලදී. මූලික වාර්තාවලට අනුව කිසිදු මගියෙකුට තුවාල සිදුවී නොමැත. මෂාඩ් ගුවන් තොටුපළේදී 'සෙපෙහ්රාන් එයාර්ලයින්ස්' යානයක් සම්බන්ධයෙන් වාර්තා වූ මෑත කාලීන දෙවන සිදුවීම මෙය බව පැවසේ.