උගත් තරුණයින්ගේ විරැකියාවෙන් ශ්‍රී ලංකාව ආසියාවෙන්ම ඉදිරියට - IMF වාර්තාවෙන් හෙළිදරව්වක්

Report

ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් අතර විරැකියා අනුපාතය ආසියානු රටවල් අතරින් ඉහළම මට්ටමක පවතින්නේ ශ්‍රී ලංකාවේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

එම වාර්තාවට අනුව, වයස අවුරුදු 15ත් 24ත් අතර ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ විරැකියා අනුපාතය සියයට 43කට ආසන්න අගයක් ගනී. ආසියානු රටවල් සමඟ සංසන්දනය කිරීමේදී මෙම අගය ඉහළම මට්ටමේ පවතින අතර, ඉන් අනතුරුව ඉහළ විරැකියා අනුපාතයක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ඉන්දුනීසියාව, මැලේසියාව සහ බංග්ලාදේශය ඇතුළු අනෙකුත් රටවලද ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් රැකියා සොයාගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින බව වාර්තාව පෙන්වා දෙයි.

වසර 13ක පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයද සාර්ථකව නිම කරන මෙරට තරුණ පරපුරේ මීළඟ අපේක්ෂාව වන්නේ සුදුසු රැකියා අවස්ථාවක් ලබාගැනීමයි.

එහෙත්, අධ්‍යාපන සුදුසුකම් ඉහළ යාමට සාපේක්ෂව රැකියා අවස්ථා ප්‍රමාණවත් ලෙස නොලැබීම හේතුවෙන් උපාධිධාරීන් ඇතුළු උගත් තරුණ පිරිසක් රැකියා විරහිත තත්ත්වයට පත්වීම ගැටලුවක් බවට පත්ව තිබේ.

පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්

පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව පෙන්වා දෙන්නේ ලොව පුරා ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් බිලියන 1.2ක් පමණ රැකියා වෙළෙඳපොළට එක්වීමට නියමිතව සිටියද, එම පිරිසට සාපේක්ෂව නව රැකියා අවස්ථා බිහිවනු ඇතැයි අපේක්ෂා කරන්නේ මිලියන 500ක් පමණක් බවයි.

ඒ අනුව, අධ්‍යාපනය සහ රැකියා වෙළෙඳපොළ අතර පවතින පරතරය අවම කිරීම මෙන්ම තරුණ පරපුර සඳහා ප්‍රමාණවත් හා සුදුසු රැකියා අවස්ථා නිර්මාණය කිරීමද රටවල් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බව එම වාර්තාවෙන් අවධාරණය කෙරේ

පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නන්ට තමන්ගේම මිල ගණන් තීරණය කිරීමට ඉඩදීමට රජයේ අවධානය

පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නන්ට තමන්ගේම මිල ගණන් තීරණය කිරීමට ඉඩදීමට රජයේ අවධානය