ගිං සහ කළු ගඟ ආශ්‍රිතව තවදුරටත් ගංවතුර අනතුරු ඇඟවීම්
ගිං ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබූ සුළු ගංවතුරු අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය 24ක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඊයේ (20) දින නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීම ඉදිරියටත් බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
මේ හේතුවෙන් අදාළ ගංගා දෙක ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් දැඩි අවධානයෙන් හා කල්පනාකාරීව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.