මහවැලි, කැලණි, කළු, ගිං, සහ නිල්වලා ගංගා තාමත් අවදානමේ - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රටටම රතු එළි

Report

ගාල්ල, මාතර, බස්නාහිර, වයඹ, සබරගමුව, මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක ඇතුළත් තෙත් කලාපයේ බොහොමයක් ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම ඉකුත් දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතියි.

ඒ අනුව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා, අද උදෑසන වන විට කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, අනෙකුත් ගංගා ද්‍රෝණි බොහොමයකට ඉකුත් පැය 24 තුළ මිලිමීටර් 50ත් 80ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන් කළා.

එමෙන්ම පෙරේදා දිනයේ මිලිමීටර් 200 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබීම නිසා ගිං ගඟ සහ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගොස් තිබෙන අතර, බද්දේගම, උඩුගම, අකුරැස්ස සහ තල්ගහගොඩ යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක අවදානම පවතින බවද ඔහු ප්‍රකාශ කළා.

පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්

පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්

තවද කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර මට්ටමකට ආසන්නව පවතින අතර කැලණි ගඟේ හංවැල්ල, ලෙන්කෝස් සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ජල මට්ටම් ද ඉහළ අගයක පවතින බව සඳහන්.

මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල ජල මට්ටම් මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ද අඩුවෙමින් පැවතුණද, මේ සියලු ගංගාවල ජල මට්ටම් තවදුරටත් අවදානම් මට්ටමට ආසන්නව පවතින බවද එල්. එස්. සූරියබණ්ඩාර මහතා කියා සිටියා.

ඊට අමතරව ඔහු සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ධාරිතාව මේ වන විට 34%ත් 35%ත් අතර ප්‍රමාණයක පවතින බවයි.

ලංකාවම සලිත කරමින් මේ අයට වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වෙන්නැයි උපදෙස් - භූමි අස්ථාවරතා ඇතිවීමේ අවදානමක්

ලංකාවම සලිත කරමින් මේ අයට වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වෙන්නැයි උපදෙස් - භූමි අස්ථාවරතා ඇතිවීමේ අවදානමක්

එබැවින් එම ජලාශ වැඩි ප්‍රමාණයක් වියළි කලාපයේ පිහිටා තිබීම හේතුවෙන් එම ප්‍රදේශවලට විශාල වර්ෂාපතනයක් ලැබී නොමැති බවත් ඔහු පැවසුවා.

කෙසේ වුවද මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් කොත්මලේ සහ පොල්ගොල්ල ඇතුළු ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු ආකාරයට ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ජලයෙන් යටවූ ප්‍රදේශවල ජල ක්‍රීඩාවල යෙදීම හෝ වෙනත් කටයුතු සඳහා පිවිසීම ඉතා අනතුරුදායක බව ද මෙහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

රැකියාවේ නිරත ලාංකිකයන්ට සුබම සුබ ආරංචියක් - මෙහෙම වුණොත් ලංකාවේ හැමෝම ගොඩ

රැකියාවේ නිරත ලාංකිකයන්ට සුබම සුබ ආරංචියක් - මෙහෙම වුණොත් ලංකාවේ හැමෝම ගොඩ