අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..අඩු කළයුතු මිල ගණන් ගැනත් කලින්ම කියයි..රුපියල් 50කින් අඩු කරයි?..

Report

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද පෙරට වඩා යම් මට්ටමක ඉහළ යාමක් දකින්ට ලැබේ.

මෙවන් තත්ත්වයක් තුළ අද දිනයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව පාරිභෝගික ජනතාව ඉන්ධන මිල අඩු වීමක් අපේක්ෂාවෙන් සිටියි.

පසු ගිය මාසයේ ඉන්ධන මිල අඩුකිරීමක් සිදු කළද මෙරට වැඩි පිරිසක් භාවිතා කරන ඉන්ධන වර්ග වල මිල ගණන් අඩු වූයේ නැත.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..


ඒ අනුව පසුගිය ආණ්ඩුව ඉන්ධන වලට විශාල බද්දක් පනවා පාරිභෝගික ජනතාවගෙන් සූරාකෑමක් සිදුකරන බවට වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර සඳහන් කළ අතර, ඒ අනුව එම බද්ද ඉවත් කිරීමෙන් ඉන්ධන මිල විශාල ගණනකින් අඩු කළ හැකි බවද ඔවුන් ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ආණඩුවට 3න් 2කටත් වඩා වැඩි බලයක් මේ වන විට ලබාදී ඇත.

එමනිසා මෙම මාසයේ අද දිනයේ සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව ජනතාවට දැනෙන ගණනකින් ඉන්ධන මිල ගණන් අඩු කරනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් පසුවෙයි.

එවන් වටපිටාවක් පවතිද්දී පසුගියදා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, අදට යෙදී තිබෙන ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල රුපියල් පනහකින්(50) අඩු කරන ලෙස යි.

මරික්කාල් මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඉන්ධන වලින් රුපියල් පනහක් අඩු කරන බවට මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දුව දැන්වත් ඉටුකරනු ඇති බවයි.

අද දිවයින පුරා කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න.

අද දිවයින පුරා කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න.


විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම පැවසුවේ, ජනතාව තමන් පාර්ලිමේන්තුවට පත් කළේ ජනතා ප්‍රශ්න පිළිබඳ කතා කිරීමට බවයි.

මේ අතර, පසුගිය (31) වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා.

ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කළ අතර, එහි නව මිල රුපියල් 371ක්.

රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කළ අතර, එහි නව මිල රුපියල් 313කි.

කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියවර ඉන්ධන මිල සංශෝධනයේදී නිවේදනය කළේ.

ඒ අනුව අවසන් වරට සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව මේ වන විට ඉන්ධන මිල ගණන් පවතිනුයේ පහත ආකාරයටයි. 

You may like this video




Gallery