පොලිසියට ගහයි - පොලිසියෙන්ම පොලිසියට ප්‍රහාර - බහින්බස් වීම දුරදිග යයි

Report

මරදාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු රාජකාරි වේලාව තුළ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එකිනෙකාට පහරදී තුවාල ලැබූ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව මාධ්‍ය කරයි.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ මරදාන පොලිසියේ දිවා වැඩ ඒකකයේ රාජකාරි කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙක් බවත් දෙපාර්ශ්වය අතර හටගත් ආරවුලක් මත සිදුවූ පහරදීමෙන් ශරීරයේ තැලීම් සහ සීරීම් තුවාල සිදුවීම හේතුවෙන් ඔවුන් මෙලෙස රෝහල්ගත කර ඇති බවත් මාධ්‍ය පවසයි.

ආවා ආවා රත්තරන් මිල අඩුවෙනකම් හිටපු අයට - වෙළදපොළ හොල්ලමින් අද රත්තරන් මිල එලියට

ආවා ආවා රත්තරන් මිල අඩුවෙනකම් හිටපු අයට - වෙළදපොළ හොල්ලමින් අද රත්තරන් මිල එලියට

අනතුරුව අදාළ නිලධාරීන් අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී එක් කොස්තාපල්වරයකුගේ මුඛයෙන් මත්පැන් ගඳ වහනය වන බවට පොලීසිය අනාවරණය කළ බව මාධ්‍ය පවසයි.

රෝහල්ගත කළ නිලධාරීන් අතුරින් එක් අයෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.