කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් හෙටින් ඇරඹෙයි - ආයේ ව්‍යාපාරිකයන්ට රජය එක්ක මේ ප්‍රශ්න නෑ

Report

ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටවනු ලබන ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) හෙට (22) දින විවෘත කිරීමට නියමිත බව සඳහන්.

මෙම මධ්‍යස්ථානය ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් ස්ථාපිත කර තිබෙන බව වාර්තා වේ.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය සමඟ ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මෙන්ම අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙම මධ්‍යස්ථානයෙන් කටයුතු කෙරෙන බව සඳහන්.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ “ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත අංක C-80 ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති අතර එහි ප්‍රධානී වශයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ මහතා කටයුතු කරන බවයි.

එමෙන්ම කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කෙරෙන අතර https://nbfc.presidentsoffice.gov.lk වෙබ් අඩවියද මෙහිදී නිල වශයෙන් දියත් කිරීමට නියමිත බව සඳහන්.

ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි

ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න

රැකියාවේ නිරත ලාංකිකයන්ට සුබම සුබ ආරංචියක් - මෙහෙම වුණොත් ලංකාවේ හැමෝම ගොඩ

රැකියාවේ නිරත ලාංකිකයන්ට සුබම සුබ ආරංචියක් - මෙහෙම වුණොත් ලංකාවේ හැමෝම ගොඩ