අදින් අවසන් වන දෙයක් ගැන දැනුම්දීමක්.. රට පුරා මේ වෙනුවෙන් අද විශේෂ දිනයක් ප්‍රකාශයට පත්කරයි.
2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් අද දින විවෘතව පවතින බවයි.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..අඩු කළයුතු මිල ගණන් ගැනත් කලින්ම කියයි..රුපියල් 50කින් අඩු කරයි?..
තවද, ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාවද විවෘතව තබන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබන්නේ.
You May Like This Video