මළගෙදරත් අරන්, දානෙත් දීලා මාස 2කට පස්සේ බස් එකෙන් ගෙදර ආපු පුදුම මනුස්සයා
කොකාවැව පොලිස් වසමෙන් අමුතු සිදුවීමක් වාර්තා වෙනවා
ඒ ජීවිතක්ෂයට පත් වූ බව සිතා භූමදාන කටයුතු මෙන්ම සාංඝික දානමය පින්කම් පවා සිදුකළ පුද්ගලයෙකු මාස දෙකකට ආසන්න කාලයකට පසු නැවත පණපිටින් නිවසට පැමිණීමේ කතාවක්.
මීට මාස දෙකකට පමණ පෙර හදිසියේම අතුරුදන් වූ මෙම පුද්ගලයා මීට ඉහතදීත් දින කිහිපයකට නිවසින් පිටව ගොස් නැවත පැමිණීමේ පුරුද්දක් ඔහු සතුව තිබීම නිසා පවුලේ අය මුලදී ඒ පිළිබඳව උනන්දු වී නැතත්, සතියකට වඩා කාලයක් ගතවීමෙන් පසු බිරිඳ විසින් කොකාවැව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
ඉන්පසුව දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව හබරණ පොලිස් වසමේ රක්ෂිතයක තිබී වස පානය කර මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවූ බවට අගෝස්තු 27 කොකාවැව පොලිසියෙන් ලද තොරතුරකට අනුව පවුලේ ඥාතීන් සිරුර පරීක්ෂාවට ළක් කර තිබුණා මළසිරුරේ තිබූ ඇඳුම්, තම පුතු විසින් අලුත් අවුරුද්දට පියාට අරන් දුන් ඇඳුම්වලට සමාන වීම නිසා එය තම සැමියාගේම සිරුර බවට බිරිඳ ඇතුළු ඥාතීන් විසින් තහවුරු කරගෙන තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 31 වන දින පොළොන්නරුව ප්‍රදේශයේදී සිරුර භූමදානය කර තිබුණා තවද බෞද්ධ ආගමික වතාවත්වලට අනුව සාංඝික දානමය පුණ්‍යකර්ම සැප්තැම්බර් 06 සහ 07 දිනවල ද සිදු කිරීමට පවුලේ අය කටයුතු කර ඇති බව වාර්තා වුණා
“දිය ඇල්ල ළඟ දරුවෙකු වඩාගෙන සිටියදී දැවැන්ත සර්පයෙක් උරහිසට වැටෙයි'' - අම්බෝලි දිය ඇල්ලේ සංචාරකයාගේ කැමරාවේ සටහන් වූ බියකරු දසුන
නමුත් මියගිය බවට විශ්වාස කළ පුද්ගලයා හදිසියේම බස් රථයකින් තම නැගණියගේ නිවසට පැමිණ ඇති අතර, ඒ පිළිබඳව ලද ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ මෙම නිවසේ පිරිස මේ පිළිබඳව කොකාවැව පොලිස් ස්ථානය දැනුවත් කර තිබුණා .
''තවත් සහන කාල දෙන්නේ නැහැ" - අධිවේගී මාර්ගයේ ආසන පටි නොපළඳින රියදුරන්ට සහ මගීන්ට හෙට සිට තදින්ම නීතිය
[]