බන්ධනාගාරවල වෙන්න යන දැවැන්ත වෙනස - ආයේ රැඳවියන් අධිකරණයට ගෙන්නේ නෑ - විකල්ප රැසක්

Report

බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීමට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.

ඒ අනුව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

එහිදී හෙළි වී ඇත්තේ වරදකරුවන් වූ සිරකරුවන්ට වඩා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව බන්ධනාගාර තදබදයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බවයි.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා ඔවුන්ට ඇප ලබා ගැනීමට නොහැකිව දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවන බවද එහිදී හෙළි විය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න

එමෙන්ම ඇතැම් සැකකරුවන් මාස 18 සිට වසර දෙකක් දක්වා කාලයක් රස පරීක්ෂක වාර්තා නොමැතිව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

තවද සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ඇබ්බැහි වූ පුද්ගලයන් සෘජුවම බන්ධනාගාරගත කිරීම වෙනුවට වෛද්‍ය පරීක්ෂණයකින් පසුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කිරීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

එසේම රැඳවියන් භෞතිකව අධිකරණ වෙත රැගෙන යාම වෙනුවට දුරස්ථ තාක්ෂණය සහ වීඩියෝ සම්බන්ධතා හරහා අධිකරණ කටයුතුවලට සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර තිබෙනවා.

ඒ ඔස්සේ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය මෙන්ම රැඳවියන් ප්‍රවාහනය කිරීමේදී ඇතිවන ආරක්ෂක අවදානම්ද අවම කරගත හැකි බව නිලධාරීන් පෙන්වා දෙයි.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

තවද වසර හතරකට අඩු දඬුවම් ලැබූ සිරකරුවන්, දඩ මුදල් ගෙවාගත නොහැකි සුළු වැරදිකරුවන් සහ වයෝවෘද්ධ හා දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සිරකරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රමවේද යටතේ විකල්ප ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව වයස අවුරුදු පහට අඩු දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින මව්වරුන්ගේ නඩු කඩිනමින් අවසන් කිරීමට විශේෂ අධිකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ යෝජනාවක්ද ඉදිරිපත් වී ඇත. 

ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි

ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්