ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතය ගැන තීරණාත්මක සාකච්ඡාවක් - ආර්ථික සමුළුවේදී විශේෂ අවධානය

Report

ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කරමින් ෆොසිල ඉන්ධන මත පවතින රඳාපවතිම අඩු කිරීම සම්බන්ධයෙන් මෙවර ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේදී විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කරන Sri Lanka Economic & Investment Summit 2026 ඔක්තෝබර් 12 සහ 13 යන දිනවල පැවැත්වීමට නියමිත අතර, එහිදී බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ විශේෂ සැසියක් පැවැත්වේ.

“Beyond Fossil Dependence: Balancing Security, Sustainability, and Growth” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සැසියේදී බලශක්ති මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය වේගවත් කිරීම සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම ව්‍යාපාර සහ ජනතාව සඳහා අඛණ්ඩ බලශක්ති සැපයුමක් සහතික කරමින් නවීන හා තරගකාරී බලශක්ති පද්ධතියක් කරා රට ගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සහ ප්‍රතිපත්ති රාමුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරේ.

ලංකාවට මොකද්ද මේ වෙන්න යන්නේ - ඉදිරි පැය 24 පීඩන අවපාතය ඉතා දරුණු තත්ත්වයයට

ලංකාවට මොකද්ද මේ වෙන්න යන්නේ - ඉදිරි පැය 24 පීඩන අවපාතය ඉතා දරුණු තත්ත්වයයට

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ නේපාලය සඳහා ප්‍රාදේශීය යටිතල පහසුකම් කර්මාන්ත කළමනාකරු එඩෝර් ඔනොමක්පොමේ මෙම සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී. එම්. ආර්. ඩී. ඒපොන්සු, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ සහ WindForce හි කළමනාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා ද මණ්ඩල සාකච්ඡාවට එක්වීමට නියමිතය.

Plus94 හි ජ්‍යෙෂ්ඨ උපදේශක ෂෙරාන් ප්‍රනාන්දු විසින් සාකච්ඡාව මෙහෙයවනු ඇත. නව බලශක්ති විසඳුම් සංවර්ධනය කිරීම, ආයෝජන දිරිගැන්වීම සහ මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව අවස්ථා නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව යොදාගත හැකි ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම ආර්ථික වර්ධනයට මෙන්ම ශ්‍රී ලංකාවේ දිගුකාලීන තිරසර සංවර්ධන අරමුණු සඳහා බලශක්ති ප්‍රතිපත්ති සහ ආයෝජන තීරණ දායක කරගත හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු කෙරේ. සමුළුව සඳහා ලියාපදිංචි වීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හරහා ලබාගත හැකිය.

දිවයිනේ සිව්වැනි මෙට්‍රෝ ඩිපෝව ලෙස රත්මලාන මෙට්‍රෝ ඩිපෝවේ මෙහෙයුම් කටයුතු ඇරඹේ

දිවයිනේ සිව්වැනි මෙට්‍රෝ ඩිපෝව ලෙස රත්මලාන මෙට්‍රෝ ඩිපෝවේ මෙහෙයුම් කටයුතු ඇරඹේ