ඉන්ධන මිල ගැන සප්තැම්බර් අගදී තීරණාත්මක පියවරක් - බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් විශේෂ හෙළිදරව්වක්
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින වත්මන් තත්ත්වය සලකා බලා, එළඹෙන සැප්තැම්බර් මාසය අවසානයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සදහන් කර තිබේ .
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවැති උත්සවයකින් අනතුරුව ඇතැම් පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම්හි පවතින ඉන්දන හිඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි .
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබුණද, දේශීය වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ඊට සාපේක්ෂව පහළ මට්ටමක බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
එතුමා සදහන් කළේ පවතින මෙම තත්ත්වය හමුවේ තවදුරටත් කටයුතු කිරීම අභියෝගයක් බවට පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් කිහිපයක් රජයට කරුණු වාර්තා කර ඇති අතර,එම සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බවයි.
ඉන්ධන හිඟයට සහ මිල ඉහළ යාමට විසඳුම් කිහිපයක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා, පසුගිය සමයේ මෙන් රජය මැදිහත් වී ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ මිල ගණන් සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීම වැනි ක්‍රමවේද කිහිපයක් ඔස්සේ අවධානය යොමුකර ඇති බව ප්‍රකාශ කර තිබේ .
තවද පෞද්ගලික සමාගම් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබුණද පාරිභෝගිකයා කෙරෙහි ද අවධානය යොමු කරමින් අවසන් තීරණය ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.
බලශක්ති අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ ඛනිජ තෙල් මිල සංශෝධනය සෑම මසකම අවසානයේ සිදුකරන පරිදි, පවතින තත්ත්වයන් සහ සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බලා මෙම මස අවසානයේදී ද ඊට අදාළ ඉදිරි පියවර ගන්නා බවයි .
ලෝක වෙළෙඳපොළේ ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් මිල අහස උසට.. ඉන්ධන මිල ගැන ගන්න යන තීරණය - සංස්ථාවෙන් දැනුම්දීමක්
වීඩියෝ දර්ශන උපුටා ගන්නා ලදි .