Google ඇතුළු සමාජ මාධ්‍ය ආයතන කිහිපයකට එකවරම ලබා දුන් දැනුම්දීම - කුමකින් කුමක් සිදු වෙයි ද?.
එක්සත් ජනපද සෙනෙට් සභික මයිකල් බෙනට් විසින් Meta, X, TikTok සහ Google ආයතන වලට දැනුම්දීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
එහි සඳහන් වන්නේ ඊශ්‍රායල-හමාස් ගැටුම පිළිබඳ අසත්‍ය සහ නොමඟ යවනසුලු අන්තර්ගතයන් පැතිරීම නැවැත්වීමට උත්සාහ කළේ කෙසේ ද යන්න පිළිබඳ තොරතුරු ලබාදෙන මෙන් ය.
මෙම සමාජ මාධ්‍යන් තුළ ඊශ්‍රායල - හමාස් ගැටුම ආරම්භ වීමෙන් පසුව අසත්‍ය තොරතුරු වාර්තා කර තිබූ බව වාර්තා වේ.
එම ගැටුමට ප්‍රතිචාර ලෙස මෙම සමාජ මාධ්‍ය ආයතන මෑත දිනවල ගත් පියවර කිහිපයක් දන්වා ඇත.
එයට පිළියමක් ලෙස TikTok ආයතනය අරාබි සහ හෙබ්‍රෙව් කතා කරන අන්තර්ගත පරිපාලකයින් බඳවාගෙන ඇත.
ට්විටර් එහි විශ්වාසය සහ ආරක්‍ෂිත කාර්ය මණ්ඩලයෙන් 15% ක් ඉවත් කර තිබෙනවා.
ඒ එලොන් මස්ක් සමාගම අත්පත් කර ගැනීමෙන් පසුයි.
එමෙන්ම බෙනට් සඳහන් කළේ 2022 නොවැම්බරයේ දී අදාළ කවුන්සිලයක් විසුරුවා හරින ලද අතර පසුගිය මාසයේ තවත් කාර්ය මණ්ඩලයක් ඉවත් කර ඇති බවයි.
ගූගල් විසින් අන්තර්ජාලය හරහා වෛරී ප්‍රකාශ සහ වැරදි තොරතුරු වලට එරෙහිව මෙවලම් නිර්මාණය කරන කණ්ඩායම තුනෙන් එකකින් අඩු කර තිබෙනවා.
මේ අතර මෙටා ජනවාරි මාසයේ දී සමාන තනතුරු 100 ක් අඩු කර ඇත. ඒ බව මයිකල් බෙනට් කියා සිටියේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,"මෙම තීරණ ලොව පුරා ප්‍රචණ්ඩත්වය, ව්‍යාකූලත්වය සහ අවිශ්වාසය ඇති කිරීමට දායක වේ,” යන්නයි.
