බිහිසුණු අපරාධයක් - ඔස්ට්‍රේලියාවේ ගුවන්යානයක් කඩා වැටෙයි - පුද්ගලයන් මරුට
By Ashfa
දකුණු ඔස්ට්‍රේලියාවේ පැරෆීල්ඩ් ගුවන්තොටුපළේදී ගුවන්යානා අංගනයකට කුඩා ගුවන්යානයක් කඩාවැටී අනතුරක් සිදුව ඇති බව විදෙස් වාර්තා වේ.
අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය පවසයි. අනතුරට පත් වී ඇත්තේ 'Diamond DA42'වර්ගයේ එන්ජින් දෙකක් සහිත කුඩා ගුවන් යානයක් බව සඳහන් වෙයි.
එහි සාමාන්‍යයෙන් සිව් දෙනෙකුට ගමන් කළ හැකිය. අනතුරත් සමඟ යානය ගිනිගෙන ඇති අතර මේ වන විට ගින්න නිවා දමා ඇති බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.
මේ අතර අනතුර හේතුවෙන් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා තිබේ. ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය මගින් අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.