සමගියේ මරික්කාර් ඔට්ටුවක් අල්ලයි..තිදෙනෙක් ගැන රතු එළියක්..
ජනාධිපති විසින් පාර්ලිමේන්තුව ජනවාරි මාස 18 දක්වා කල් දැම්මේ ඇයිදැයි ? සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ප්‍රශ්න කර සිටියි.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුව කල් දැමීමෙන් දැන් පවතින තේරිම් කාරක සභා අහෝසි වන බවත් ඒවායේ සභාපතිවරුන් තිස්ස විතාරණ , චරිත හේරත් හා අනුර ප්‍රියදර්ශන යපා යන මහත්වරුන් ද එම තනතුරු වලින් අහෝසි වන බවත් මරික්කාර් මහතා කියා සිටියේය .
ඔහු කියා සිටියේ මෙම තේරිම් කාරක සභා වල සභාපතිවරුන් ස්වාධීන කටයුතු කිරිමෙන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හා ආණ්ඩුවේ හිතවතුන්ගේ හොරකම් එළිවෙන නිසා ජනාධිපතිතුමා විසින් රටේ විශාල ප්‍රශ්න රැසක් තිබියදීත් හදිසියේ පාර්ලිමේන්තුව කල් දමා ඇති බවයි .
ඔහු අවධාරණය කරන්නේ තේරිම් කාරක සභා සදහා නැවතත් මෙම තිදෙනා පත් නොකරන බවට ඔට්ටුවක් අල්ලන්න සුදානම් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය .
එසේ පත් නොකරිමට හේතු ලෙස සදහන් කරන්නේ තිස්ස විතාරණ , චරිත හේරත් හා අනුර ප්‍රියදර්ශන යපා මහත්වරුන් තේරිම් කාරක සභා වල ස්වාධීනව කටයුතු කිරීම බවයි.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ලබන වසරේ සමගි ජන බලවේගයේ ආණ්ඩුවකින් සියලු වංචා වලට සම්බන්ධ සියලුදෙනා නීතිය හමුවට ගෙන එන බවයි .
මේ බව කියා සිටියේ අද (14) සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්‍යාලයේ දීය .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |