හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයේ අධි චෝදනා
අල්ලස් කොමිසම අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දන්වා සිටියේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළ බවයි.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් මෙලෙස දන්වා සිටි අතර වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු අල්ලස් කොමිස පවසා සිටියේ මෙම සැකකරුට එරෙහිව මේ වනවිට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් මෙම අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියමිත දින මහාධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුට නියෝග කළ අතර සැකකරු අද (28) විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
2014 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම සඳහා රජයේ රු. මිලියන 25 ක වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් තම දේශපාලන හිතවතුන් මඟින් බෙදා දීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනවා මත සැකකරාර හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේන මහතා පසුගිය ජුලි 4 වැනිදා අල්ලස් කොමිසම විසික් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.