ඇවිලුනු ලොකු ලොක්කොත් එක්කහු කරගෙනම නිදහස් පක්ෂේ ඒපාර සැරසෙන්නේ මේකටයි එහෙනම්

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවට සහභාගී වීමට හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනාවක් සිදුකර ඇත.

ඒ අනුව එම පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව ලබන 14 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය ඇතුළු විවිධ තනතුරු සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව කිහිපයක් නීතිමය ක්‍රියාමාර්ගද ගෙන ඇත.

ඒ අනුව නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාද නිදහස් පක්ෂ තනතුර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹ තිබෙනවා.

විජයදාසට නිදහස් පක්ෂයෙන් එකපාර ලොකු පුටු ගොඩක්?

විජයදාසට නිදහස් පක්ෂයෙන් එකපාර ලොකු පුටු ගොඩක්?

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිවරයාව සිටි කාලයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර‍යි.

මේ වන විට නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ දුමින්ද දිසානායක මහතායි.

එමෙන්ම පැවැති සාකච්ඡාවලින් පසුව මේ වන විට නිදහස් පක්ෂ නියෝජිතයින් අතර යම් එකඟතාවයකට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර එහිදී නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹ ඇති පාර්ශ්ව එම නඩු ඉවත් කර ගැනීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

එබැවින් එළැඹෙන සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවේදී ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපති තනතුරක් පිරිනැමිමට පක්ෂය කටයුතු සිදුකරමින් සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේක හිතාමතා කරපු එකක් නෙවෙයි බීලා පැද්දා කියන කතාවත් සම්පූර්ණ අසත්‍යයක් - රන්වලට මහින්දගෙන් චරිත සහතික‍යක්

මේක හිතාමතා කරපු එකක් නෙවෙයි බීලා පැද්දා කියන කතාවත් සම්පූර්ණ අසත්‍යයක් - රන්වලට මහින්දගෙන් චරිත සහතික‍යක්

එමෙන්ම දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාටද සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවට ආරාධනා පත්‍ර යොමු කර ඇති අතර ඔහුට නිදහස් පක්ෂයේ තනතුරක් ලබා දීමට සූදානම් බවද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එසේ වුවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ඊට සමගි ජන බලවේගයේ කිසියම් විරෝධත්වයක් එල්ල වන බවත් සඳහන්.

ඊට අමතරව එළැඹෙන 14 වන දින පැවැත්වෙන සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවට සහභාගී වන ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද ආරාධනා පත්‍රයක් යොමු කර ඇති බව වාර්තා වේ.

NBROට හරි උපදෙස් දෙන්න තේරුමක් නැහැ.. පිටරටින් කණ්ඩායමක් ගේනවා..- ලාල් කාත්න

NBROට හරි උපදෙස් දෙන්න තේරුමක් නැහැ.. පිටරටින් කණ්ඩායමක් ගේනවා..- ලාල් කාත්න