සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් වෙරළබඩ ජනතාවට විශේෂ පණිවිඩයක්

Report

ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් දූපත් ආශ්‍රිත කලාපයේ අද (24) පස්වරුවේ රිච්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

අද පස්වරු 4.36ට පමණ සිදුව ඇති මෙම භූමිකම්පාව මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් හටගෙන ඇති බව සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් පස්වරු 5.10ට නිකුත් කළ නිවේදනයේ භූමිකම්පාවේ පිහිටීම අක්ෂාංශ 17.78 දකුණ සහ දේශාංශ 65.82 නැගෙනහිර ලෙස දක්වා තිබේ.

නේපාලයට රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබල භූමිකම්පාවක්

නේපාලයට රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබල භූමිකම්පාවක්

මේ අතර, මෙම භූමිකම්පාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව විමසිලිමත්ව සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එසේම, මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.

භූමිකම්පාව සම්බන්ධ නවතම තොරතුරු සියලු මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත දැනුම්දීමට කටයුතු කරන බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

තවත් ඩොලර් මිලියන 30ක ණයක් - OPEC අරමුදලෙන් ආ ලොකුම තීරණය මෙන්න

තවත් ඩොලර් මිලියන 30ක ණයක් - OPEC අරමුදලෙන් ආ ලොකුම තීරණය මෙන්න

සඳුදා සියලු ගුරුවරුන් අසනීප නිවාඩු - විභාගවලට මොකද වෙන්නේ? ජෝසප් ස්ටාලින් කියූ දේ

සඳුදා සියලු ගුරුවරුන් අසනීප නිවාඩු - විභාගවලට මොකද වෙන්නේ? ජෝසප් ස්ටාලින් කියූ දේ

නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ මේ කාර්යාලය වසයි - කටයුතු යළි සාමාන්‍ය පරිදි අරඹන දිනයත් දන්වා නිවේදනයක්

නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ මේ කාර්යාලය වසයි - කටයුතු යළි සාමාන්‍ය පරිදි අරඹන දිනයත් දන්වා නිවේදනයක්

 


Gallery