හිජාබය නැතිව ගැයූ ගීතයට කස පහර 74ක් - යුද්ධය මැදත් ඉරානයෙන් දැඩි දඬුවම්

By Aylin Zoya Nov 24, 2026 12:26 PM GMT
Report

ඉරාන ගායිකා Parastoo Ahmadi සහ ඇගේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයන් සිව්දෙනෙකුට කස පහර 74 බැගින් ලබාදීමට ඉරාන අධිකරණය තීරණය කර තිබේ.

මහජන සදාචාරයට පටහැනි අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.

නීතිඥ මුස්තාෆා නිලි සඳහන් කර ඇත්තේ, අදාළ පිරිසට වසර දෙකක කාලයක් කලා හා සංගීත උත්සවවලට සහභාගී වීම තහනම් කර ඇති අතර, සංචාරය කිරීම ද තහනම් කර ඇති බවයි. 2024 දෙසැම්බර් මාසයේදී යූටියුබ් වෙත මුදාහැරුණු වීඩියෝවක් මෙම නඩුවට හේතු වී තිබේ.

හිජාබය නැතිව ගැයූ ගීතයට කස පහර 74ක් - යුද්ධය මැදත් ඉරානයෙන් දැඩි දඬුවම් | Iranian Singer Sentenced To 74 Lashes

එම වීඩියෝවේදී Parastoo Ahmadi අනිවාර්ය හිජාබය පැළඳීමකින් තොරව පිරිමි සංගීතඥයන් පිරිසක් සමඟ ගීතයක් ගායනා කර තිබුණි.

ඉරාන නීතියට අනුව කාන්තාවන් ප්‍රසිද්ධියේ හිජාබය පැළඳිය යුතු අතර, එම නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම් පනවා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, කස පහර දීම වධහිංසාවක් ලෙස සලකමින් බටහිර රටවල් සහ මානව හිමිකම් සංවිධාන මෙම ක්‍රියාමාර්ගය හෙළා දැක ඇති අතර, එම විවේචන ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සඳුදා සියලු ගුරුවරුන් අසනීප නිවාඩු - විභාගවලට මොකද වෙන්නේ? ජෝසප් ස්ටාලින් කියූ දේ

සඳුදා සියලු ගුරුවරුන් අසනීප නිවාඩු - විභාගවලට මොකද වෙන්නේ? ජෝසප් ස්ටාලින් කියූ දේ

නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ මේ කාර්යාලය වසයි - කටයුතු යළි සාමාන්‍ය පරිදි අරඹන දිනයත් දන්වා නිවේදනයක්

නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ මේ කාර්යාලය වසයි - කටයුතු යළි සාමාන්‍ය පරිදි අරඹන දිනයත් දන්වා නිවේදනයක්

තවත් ඩොලර් මිලියන 30ක ණයක් - OPEC අරමුදලෙන් ආ ලොකුම තීරණය මෙන්න

තවත් ඩොලර් මිලියන 30ක ණයක් - OPEC අරමුදලෙන් ආ ලොකුම තීරණය මෙන්න