පුත්තලම රෝහලට රුපියල් මිලියන 600ක මහල් 6ක නව ගොඩනැගිල්ලක්
පුත්තලම මූලික රෝහල සංවර්ධනය කිරීමේ අරමුණින් මහල් හයකින් සමන්විත නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා 2026 මාර්තු 03 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.
වයඹ පළාත් සභාව යටතේ පැවති පුත්තලම මූලික රෝහල එහි සේවාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මධ්‍යම රජය යටතට පවරා ගැනීමට ද එදින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
යෝජිත නව ගොඩනැගිල්ලේ මුළු බිම් ප්‍රමාණය වර්ග මීටර් 8,640ක් වන අතර, එය වසර හතරක් ඇතුළත ඉදිකිරීමට සැලසුම් කර ඇත.
අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය, සායන, කෙටිකාලීන නේවාසික ප්‍රතිකාර ඒකකය, ලේ බැංකුව මෙන්ම රෝග විනිශ්චය හා රසායනාගාර පහසුකම් ද මෙම ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කිරීමට නියමිතය.
මේ අතර, යෝජිත ගොඩනැගිල්ලේ පළමු මහල් තුන ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ අදාළ ප්‍රදානය ලබාගැනීම වෙනුවෙන් ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.