නේපාලයට රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබල භූමිකම්පාවක්
චීන දේශසීමාව ආසන්නයේ පිහිටි නැගෙනහිර නේපාලයේ කෝෂි පළාතේ අද (24) උදෑසන රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබේ.
නේපාලයේ ජාතික භූමිකම්පා නිරීක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව, මෙම භූමිකම්පාව අද උදෑසන 7.17ට වාර්තා වී ඇත.
එහි අපිකේන්ද්‍රය කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 300ක් පමණ නැගෙනහිරින් පිහිටි ඔලංසුන් කෝලා ප්‍රදේශයේ බව සඳහන් වේ.
භූමිකම්පාවේ කම්පන සංග්වාසභා, ඉලම් සහ පංච්තර් ඇතුළු නැගෙනහිර නේපාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට දැනී ඇති අතර, කත්මණ්ඩු අගනුවරට සහ රටේ බටහිර ප්‍රදේශවලට ද එම කම්පන දැනී තිබේ.
මේ අතර, අසල්වැසි ඉන්දියාවේ ඩාර්ජිලිං, ජල්පයිගුරි සහ කූච් බෙහාර් ප්‍රදේශවල ජනතාවට ද භූමිකම්පාවේ කම්පන දැනී ඇති බව වාර්තා වේ.
එම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර බියක් හටගෙන තිබුණ ද, භූමිකම්පාවෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැත.