සඳුදා සියලු ගුරුවරුන් අසනීප නිවාඩු - විභාගවලට මොකද වෙන්නේ? ජෝසප් ස්ටාලින් කියූ දේ

Report

එළැඹෙන සඳුදා (30) දිනයේ සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සංගමය පවසයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (24) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ලිඛිතව බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන නොවැම්බර් 30 වැනිදා විභාග පැවැත්වීමට නියමිත දිනයක් බවත්, එම විභාග සම්බන්ධයෙන් තීරණ ගැනීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් බවත් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කළේය.

ගුරු හා විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් නිසි අවධානයක් යොමු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සභාපතිත්වය දරන ලංකා ගුරු සේවා සංගමය හැර අනෙකුත් සියලුම ගුරු හා විදුහල්පති සංගම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට කැමැත්ත පළ කර ඇති බවද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

"වෛද්‍යවරුන් ඇතුළු උගතුන් රට හැර යනවා" - විරැකියාව ගැන ජී.එල්. පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

"වෛද්‍යවරුන් ඇතුළු උගතුන් රට හැර යනවා" - විරැකියාව ගැන ජී.එල්. පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්