"වෛද්‍යවරුන් ඇතුළු උගතුන් රට හැර යනවා" - විරැකියාව ගැන ජී.එල්. පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

Report

රට තුළ විරැකියාව ඉහළ යාම හේතුවෙන් අධ්‍යාපනය ලැබූ පිරිස් පවා රැකියා අවස්ථා සොයා විදේශගත වන බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

එක්සත් විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, විශේෂයෙන් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් රටින් පිටවීමේ ප්‍රවණතාවක් පවතින බවයි. එමෙන්ම, විදේශ රටවල් ද මේ වනවිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් සීමා පනවමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට වඩා දැනට පවතින විශ්වවිද්‍යාල ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත මට්ටමකට සංවර්ධනය කිරීම වැදගත් බවද ඔහු පැවසීය.

රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ප්‍රාග්ධන ආයෝජන වැඩි කළ යුතු බවත්, අයවැයෙන් මුදල් වෙන් කළ පමණින් ප්‍රමාණවත් නොවන අතර ඒවා අදාළ ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් වැය කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. 2025 දෙවැනි කාර්තුවේ සහ වත්මන් කාර්තුවේ රාජ්‍ය වියදම් අතර වෙනසද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

කුකුළු මස් මිල පහළට - බිත්තර මිල ගැනත් විශේෂ සහතිකයක්

කුකුළු මස් මිල පහළට - බිත්තර මිල ගැනත් විශේෂ සහතිකයක්

මත් පැන් ලෝලීන්ට උණ ගැනෙන්න ස්කොච් විස්කි සඳහා 162.5%ක බද්දක් - ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර වෙළෙඳ මතභේදයක්

මත් පැන් ලෝලීන්ට උණ ගැනෙන්න ස්කොච් විස්කි සඳහා 162.5%ක බද්දක් - ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර වෙළෙඳ මතභේදයක්