පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි [LIVE]
2027 වසර සඳහා වන අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවන දිනය අද (23) පැවැත්වේ. ඒ අනුව, අදට නියමිත පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
අද පැවැත්වෙන විවාදයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය. 2027 අයවැයේ තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය 21 වැනිදා ආරම්භ වූ අතර, එය ලබන දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
අයවැය සම්බන්ධයෙන් අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අනතුරුව පැවැති දෙවන වර කියවීමේ විවාදය දින හතක් පුරා පැවැත්වුණු අතර, පසුගිය 20 වැනිදා පැවැති ඡන්ද විමසීමේදී අයවැය වැඩි ඡන්ද 97කින් සම්මත විය.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් හිමි වූ අතර, විපක්ෂව ඡන්ද 60ක් ලැබිණි.
සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි
2027 අයවැය කාරක සභා විවාදයේ සජීවී විකාශය පහතින් නරඹන්න.