තවත් ඩොලර් මිලියන 30ක ණයක් - OPEC අරමුදලෙන් ආ ලොකුම තීරණය මෙන්න

Report

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 30ක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදල එකඟතාව පළ කර තිබේ.

වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘතභාවය සඳහා වන මෙරට ප්‍රතිසංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම සහාය ලබාගැනීමට රජය තීරණය කර ඇත.

අද (24) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය.

ඒ අනුව, අදාළ ණය පහසුකම ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සඳුදා සියලු ගුරුවරුන් අසනීප නිවාඩු - විභාගවලට මොකද වෙන්නේ? ජෝසප් ස්ටාලින් කියූ දේ

සඳුදා සියලු ගුරුවරුන් අසනීප නිවාඩු - විභාගවලට මොකද වෙන්නේ? ජෝසප් ස්ටාලින් කියූ දේ

සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම, රාජ්‍ය මූල්‍ය තිරසරභාවය තහවුරු කිරීම සහ සියල්ලන් ඇතුළත් තිරසර ආර්ථික වර්ධනයක් සඳහා පදනම සැකසීම මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ ඒ සම්බන්ධයෙන් රජය දක්වා ඇති ප්‍රතිපත්තිමය කැපවීම ඇගයීමෙන් අනතුරුව OPEC අරමුදල මෙම ණය ලබාදීමට එකඟ වී ඇති බව සඳහන් වේ.

ලෝක බැංකුව විසින් සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම යටතේ ලබාදෙන මූල්‍ය ආධාරයට සමගාමීව මෙම ණය පහසුකම ද ලබාදීමට නියමිතය.

එම ණය මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 24ක් සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ද, ඉතිරි ඩොලර් මිලියන 6 විශේෂ ප්‍රාග්ධන සම්පත් යටතේ ද ලබාගැනීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්