අත්අඩංගුවට ගත් සජබ හිටපු මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදී අත්හිටුවයි
මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවා ඇත.
ඒ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද පක්ෂය කටයුතු කර ඇති බව විපක්ෂනායකවරයාගේ X ගිණුමේ වැඩිදුරටත් දැක්වේ.
ඊයේ දින(20) දකුණු මුහුදු තීරයේ දී මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමේ සිද්ධියට අදාළව එක් අයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය පැවසුවේ පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයෙකු එසේ අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.
මෙම ධීවර යාත්‍රාව සොයා ගෙන ඇත්තේ ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් බව සඳහන්.
එමෙන්ම අඳාළ යාත්‍රවේ තිබී මලු පහක පැකට් සියයක අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 115කට වැඩි ප්‍රමාණයක් සහ මලු 13ක පැකට් 200ක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 261කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.
ඊට අමතරව මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ තිබී රිවෝල් වරයක් සහ පිස්තෝලයක් හා මැගසින් දෙකක් නාවික හමුදා භාරයට ගෙනන ඇත.
SJB membership of the person accused of narcotics related arrest yesterday has been suspended with immediate effect and a separate inquiry will be initiated to take further relevant action in this regard. @sjbsrilanka as a party is vehemently opposed to the narco trade which is a… https://t.co/tfGzR8WumE
— Sajith Premadasa (@sajithpremadasa) November 21, 2025