ඉන්ධන මිල වැඩි කරයි - ඒ අනුව නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න. (PHOTO)

By krishani Oct 01, 2023 02:20 PM GMT
Report

සිනොපෙක් සමාගම විසින් ඉන්ධන මිල අද (01) සවස 6.00 න් පසුව ක්‍රියාත්මක වන පරිදි වැඩිකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417 ක් ලෙස රුපියල් 61 කින් වැඩි කිරීමට සිනොපෙක් සමාගම තීරණය කර ඇත.

එමෙන්ම ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල වැඩි වී නොමැත.

එය පැවති මිල වන රුපියල් 358 ක මට්ටමේ පවති.

ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 414 ක් වන අතර එහි නව මිල රුපියල් 420 ක් ලෙස රුපියල් 6 කින් වැඩි කර ඇත. 

ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 338 ක් වන අතර එහි නව මිල රුපියල් 348 ක් ලෙස රුපියල් 10 කින් වැඩි වී තිබෙනවා.

Gallery