හිටිහැටියේ මිල ගණන් පහල ගිය එළවළු
එළවළු වර්ග රැසක මිල මේ වනවිට පහත වැටි ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.
එලවළු වර්ගවල මිල පහත වැටිම හමුවේ එලවළු ගොවියාට විශාල පාඩුවක් සිදු වි ඇති බව ද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
මේ වන විට එලවළු මිල පෙර මාසවලට සාපෙක්ෂව අඩුවක් පවතින අතර ලික්ස් රු 160-170 , ගෝවා රු 200 , කැරට් රු 400 , බිට්රුට් රු 300 , රාබු රු 40-50 වශයෙන් අලෙවි වී ඇත.
පොහොර මිටියක් රු 9500 යි , යුරියා මිටියක් රු 22500 යි.වැඩ කරන කම්කරුවෙකුට රු 2000 පමණ ගෙවා වගාකළ එළවළුවල මිල පහත වැටීම ගොවියන්ට විශාල පාඩුවක් බවත් එලවළු බිජ ලබා ගැනිමේදි පෙර ලැබුණු වට්ටම් කිසිවක් නොලැබෙන බව ද ගොවියෝ පවසති.
ඉස්සර බිජ ටින් ලබා ගැනිමේදි මුදල් ගෙවිමට යම් කාලයක් ලබා දුන්නා නමුත් දැන් එලෙස කාලයක් නොදෙන බව ද ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති කියයි.
පොහොර ගැටළුව නිසා එලවළු වල ගුණාත්මකභාවය අඩු වෙලා තියෙනවා , ඒ නිසා එම එලවළු මිල දි ගැනිමට ව්‍යාපාරිකයන් කටයුතු කරන්නේ නැ , අඩු මිලට තමයි අලෙවි කරන්න වෙන්නේ.
එලවළු මිල වැඩි වුණාම පාරිභෝගිකයන් මිල දි ගන්නේ ගුණාත්මකභාවයෙන් වැඩි එලවළු පමණයි.
ගුණත්මක භාවයෙන් අඩු එලවළු මිල දි ගන්නේ නැ , ඒ නිසා ව්‍යාපාරිකයන් දැඩි වෙහෙසක් දරනවා එම එලවළු අලෙවි කරන්න යනුවෙන් ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති වැඩිදුරටත් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |