දෙයියනේ එක්තැන්ව හිටපු බිරිඳව හිතක් පපුවක් නැති විදිහට ඝාතනය කරා මදිවට නරුම සැමියත් සියදිවි නසන්

Sri Lanka Police Crime Law and Order Murder Sinhala news
By Kaushi Aug 25, 2025 12:46 PM GMT
Kaushi

Kaushi

Report

පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව ප්‍රදේශයේ නිවසක දී සැමියා තම බිරිඳව නයිලෝන් නූලක ආධාරයෙන් එල්ලා ඝාතනය කොට ඔහුද සියදිවි හානිකරගෙන ඇත.

අඳාළ නිවසෙම පදිංචිව සිටින ඔවුන්ගේ දියණය සහ ඇයගේ සැමියා අද (25) දින පැවති නඩු කටයුත්තක් වෙනුවෙන් හෝමාගම මහාධිකරණයට ගොස් තිබෙනවා.

ඒ අනුව යළි නිවසට පැමිණි දියණිය මෙය දැක මේ බව පොලීසියට දැනුම් දී ඇති බව සඳහන්.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

කෙසේ වෙතත් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකු සහ 69 හැවිරිදි ඔහුගේ බිරිඳ බව වාර්තා වේ.

එසේම මීට මාස කිහිපයකට පෙර ද මෙම පුද්ගලයාම තම බිරිඳව මේ අයුරින්ම ඝාතනය කිරීමට උත්සහ කර ඇතත් එය ව්‍යාර්ථ වී ඇති බව සඳහන්.

මේ අතර මෙම ඝාතනය සිදුකිරීමට පෙර ඔහු තම ජීවනෝපාය සලසා ගන්නා තණකොළ කපන යන්ත්‍රය විකුණා ලබාගත් මුදලින් මත්පැන් පානය කොට ඇති බවද පවසයි.

එමෙන්ම ඝාතනයට ලක් වූ කාන්තාව වසර 10ක පමණ සිට අංශභාග රෝගයෙන් පෙළී ඇති අතර මාස තුනක පමණ සිට එක්තැන්ව සිට තිබෙන බවද පොලීසිය ප්‍රකාශ කරයි.  

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි