කළින් ආණ්ඩු හිතුමතේට රටේ හැමතැනම රජයේ ගොඩනැගිලි හදලා, ඒ අස්සේ පාලම් ව්‍යාපෘති 18කුත් අතරමඟ

Anura Kumara Dissanayaka Presidential Update Latest Headlines Sinhala news NPP Government
By Kaushi Aug 25, 2025 12:22 PM GMT
Kaushi

Kaushi

Report

රජය නිසි ලෙස අදාළ අමාත්‍යාංශ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබියෙදී ඒවා නිශ්චිත කාලයක් තුළ නිසි පරිදි උපයෝජනය නොවන්නේ නම් එය ගැටලුවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්වලදී මෙන්ම, නාගරික සැලසුම්කරණයේදීද අදාළ ප්‍රදේශයේ ජනතා අදහස් සහ වුවමනාවලට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් ආණ්ඩු තම හිතුමතේ සිදුකර ඇති ඉදිකිරීම් නිසා දැනටමත් රටේ විවිධ ප්‍රදේශවල භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජනයක් සහිත රජයේ ගොඩනැගිලි ඉදි වී ඇති බව සඳහන් කරයි.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

ඔහු මේ බව කියා ඇත්තේ නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවතුනු විටයි. එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එසේම නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, නාගරික සංවර්ධන ව්‍යාපෘති, නගර සැලසුම් ව්‍යාපෘති, කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති ආදිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

එමෙන්ම මෙම අංශවලට අදාළව රටේ සෑම පළාතකම ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය ද ජනාධිපතිවරයා විමසා බැලු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

මේ අතර ඉකුත් කාලයේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කළ පාලම් ව්‍යාපෘති 18ක් අතරමඟ අතහැර දමා තිබෙන බවත්, එම ඉදිකිරීම් හේතුවෙන් තාවකාලිකව භාවිතා කරන මාර්ග දැනටමත් මඩවගුරු බවට පත්වීම නිසා ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවට පත්ව තිබෙන බවත් මෙහිදී හෙළි විය.

ඒ අනුව එම ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම් අවසන් කිරීමට ඇති හැකියාව සොයා බලන මෙන් නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා අවම ලෙස අත්‍යවශ්‍ය පාලම් 05ක ඉදිකිරීම් මේ වසරේ අවසන් කිරීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දී ඇත.

තවද විශේෂයෙන්, චීන සහ ඉන්දියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර නැවත පදිංචිකිරිම්වලට අදාළ නිවාස ව්‍යාපෘති මේ වසරේ අවසන් කිරීමට හැකි බවට ද නිලධාරීහු මෙහිදී බලාපොරොත්තු පළ කළ බව දැක්වේ.

ඊට අමතරව මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන “හෝමාගම ටෙක් සිටි” ව්‍යාපෘතියට අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ “පොළොන්නරුව පරිපාලන සංකීර්ණයේ” ඉදිකිරීම් කටයුතු සහ “සිටි බ්‍රෑන්ඩින්ග් ව්‍යාපෘතියේ” වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී විමසා ඇත.

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

ඒ අනුව දැනට නාගරික ජනතාව වෙත ලබා දී ඇති මහල් නිවාස ඔවුන් වෙත පවරා දීමේදී මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරණු අතර, අබලන් නිවාස ඔවුන් වෙත පවරා දීම වෙනුවට, ඒවා ප්‍රතිසංස්කරණය කර ලබා දීමේ වැදගත්කමත්, එසේ ලබා දුන් පසු ඒවා නඩත්තු කිරීමට විධිමත් යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම අර්ධ නාගරික ප්‍රදේශවල මහල් නිවාස ව්‍යාපෘතිවලට එම ප්‍රදේශවල ජනතාවගේ ඇති ඉල්ලුම සහ කැමැත්ත සම්බන්ධයෙන් සොයා බැලීමට සමීක්ෂණයක් සිදු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළ බව පවසයි.

ඊට අමතරව ඉඩම් අත්පත් කරගැනීම්වලට අදාළ ගෙවීම් කටයුතුවලදී මතුව ඇති නීතිමය ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී නිලධාරින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර එම ගැටලුවලට ලබා දිය හැකි විසදුම් සම්බන්ධයෙන් ද යෝජනා සකස් කරන මෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී ඇති බව සඳහන්. 

හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍යවරු විශේෂ සාකච්ඡාවක

හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍යවරු විශේෂ සාකච්ඡාවක