ලයිට් කැපිල්ල ගැන කියන ගම්මන්පිල - ඉන්දියාවේ මාධ්‍යටත් කියයි

electricity gagana news Sri lanka sinhala news today trending news Mr.Udaya Gammanpila
By krishani Jan 30, 2022 07:01 AM GMT
krishani

krishani

Report

පෙබරවාරි මැද හෝ මාර්තු මුල වනවිට, අනිවාර්යයෙන්ම විදුලිය කප්පාදුවකට යෑමට සිදුවනු ඇතැයි, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

WION News නමැති විදෙස් මාධ්‍යය හා එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

තමා පුරෝකථනය කරන විදුලිය කප්පාදුවට හේතුව ඩොලර් හිගයම නොවන බවද අමාත්‍යවරයා පවසා තිබේ.

රටේ විදුලිය ඉල්ලූම සෑම වසරකම 8% කින් ඉහළ යන බවත්, එම ඉහළ යන විදුලිය ඉල්ලූමට සපයා ගැනීම සදහා අවශ්‍ය පුණර්ජනනීය හෝ තාප බලාගාර ඉදිකිරීමක් 2014 වසරේ සිට සිදු ව නැති බවත් අමාත්‍යවරයා පවසයි.

මේ හේතුව මත, ජලාශවල ජල මට්ටම පහත යෑම හේතුවෙන්, ජලවිදුලි බලාගාරවලට ප‍්‍රමාණවත් ලෙස විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වනු ඇති බවත්, ඒ අනුව, ජනවාරි සිට අපේ‍්‍රල් දක්වා වූ වියළි කාලගුණයක් සහිත කාලය තුල විදුලි ඉල්ලූම සපුරා ලීමට නොහැකි වනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now