ඔමික්‍රෝන් වලින් ඉදිරි සති කිහිපය තුළ දි වන දේ ගැන කියන බය හිතෙන කතාව මෙන්න

covid 19 Omicron gagana news Sri lanka sinhala news today trending news
By krishani Jan 30, 2022 06:21 AM GMT
krishani

krishani

Report

නව රැල්ලක ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඕමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම ඉදිරි සති කිහිපය තුළ මෙරටට ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම වඩාත් වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට අවශ්‍ය ෆයිසර් එන්නත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් මේ වනවිටටැහැ දිවයිනට ගෙන්වා ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර රෝග ලක්ෂණ මතුවීම අඩුවුව ද කොරෝනා වෛරසයේ බලපෑම අඩුවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ රටේ පවතින කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව සැහැල්ලුවෙන් කටයුතු කළ නොහැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now