ගමන් මල්ලෙන් හමු වූ මහා නිධානය මාට්ටු

By krishani Jan 30, 2022 05:14 AM GMT
krishani

krishani

Report

විදෙස් මුදල් නීතිවිරෝධී ලෙස සිය ගමන්මලුවල සඟවාගෙන යෑමට තැත්කළ පස් දෙනෙකු රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් පුරා සිදුකරන ලද විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇත.

රේගු නිලධාරීන්ගේ භාරයට ගත් මුදල් අතර අමෙරිකානු ඩොලර් 95,000, යුරෝ 18,000 සවුදි රියාල් 37,000 විය.

මෙම මුදල් වල මෙරට වටිනාකම රුපියල් මිලියන 25කට ආසන්නය.

සැකකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ පොලීසිය විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now