අම්මයි පුතයි එකතු වෙලා කුඩු විකුණලා

arrested gagana news sri lanka sinhala news today trending news drugs deal
By krishani Jan 30, 2022 04:12 AM GMT
krishani

krishani

Report

සිය එකම පුතු යොදවා හෙරොයින් ජාවාරමක් පවත්වාගෙන ගිය මවක සහ පුතකු හෙරොයින් මිලිග්‍රෑම් හත්දහස් හය සියයක් සමඟ (30) දා අළුයම අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය කැන්දහේන වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (49) සහ පුද්ගලයකු (23) බව පොලිසිය කියයි.

හෙරොයින් තොගයක් අලෙවි කිරීම සඳහා පුද්ගලයකු පන්නිපිටිය අඹගස්හතර හන්දිය අසන්නට පැමිණෙන බවට මහරගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයරත්න මහතාට තොරතුරක් ලැබී තිබුණි .

ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ආවේක්ෂණ රාජකාරියෙන් රැදී සිටියදී පැමිණි පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 1100 තිබී හමුවූ බව පොලිසිය කියයි.

පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙ නිවස පරීක්ෂා කිරීමේ දී එහි තිබී තවත් හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් පන්සියයක් හමු වූ බව පැවසේ.

මෙම හෙරොයින් තොගය නිවස හිමි කාන්තාවට අයත් ඒවා බවටත් ඇයගේ උපදෙස් මත පළමුව අත්අඩංගුවට ගත් ඇගේ පුතා ගැනුම්කරුවන්ට හෙරොයින් බෙදා හරින බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now