විදුලි ප්‍රශ්නෙට විසදුමක් විදුලිබල මණ්ඩලයෙන්ම !
හෙට (31) සහ අනිද්දා (01) දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගම හරහා විදුලිබල මණ්ඩලයට සෘජුවම තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ ඉදිරි සතිය සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් හෙට දිනයේදී තීරණයක් ගත යුතුව පවතින බවය.
පෞද්ගලික බලාගාර තුළින් කෙටි කාලීනව විදුලිය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"දැනට අපිට තෙල් සැපයීම කෙරෙනවා. සඳුදා ඉදලා බලන්න ඕනේ ඊළඟ සතියේ තෙල් ටික ගන්නේ කොහොමද කියලා. IOC එකත් එක්ක සාකච්ඡා කළා. විදුලිය විසන්ධි කිරීමකින් තොරව පවත්වාගෙන යන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒක තමා ජනාධිපතිතුමා අපිට කියලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලය ඒ වෙනුවෙන් කටයුතු කරන්න. තෙල් සංස්ථාවත් ඒ අනුව කටයුතු කරන්න. ඊට අමතරව අපිට තෙල් සංස්ථාව අවසර දීලා තියෙනවා සෘජුවම තෙල් ගෙන්න. ඒ ගැනත් අපි සාකච්ඡා කරනවා. මං හිතන්නේ ඉන්දියන් ඔයිල් සමාගමෙන් අපිට තෙල් ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ ගැන මුදල් අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරගෙන යනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |