බොරැල්ල දේවස්ථාන බෝම්බය ගැන වෙනස්ම කතාවක් (VIDEO)

gagana news Sri lanka sinhala news today trending news The bomb issue A different story
By krishani Jan 30, 2022 01:46 AM GMT
krishani

krishani

Report

බොරැල්ල දේවස්ථානය, නාරාහේන්පිට ලංකා රෝහල හා බෙල්ලන්විල රජමහා විහාරස්ථානය ආසන්නයෙන් අත් බෝම්බ හමුවීමේ සිද්ධීන් අතර එකිනෙකට සම්බන්ධ කුමන්ත්‍රණයක් ඇති බව පවසමින් පොලිස් මුලස්ථානයට ඊයේ(29) පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති විශ්‍රාමික වෛද්‍යවරයා අදාළ සිද්ධීන් තුනටම සම්බන්ධ බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

එහෙත් එම සිද්ධීන් වලට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ට මේ වන විට සිදුවි ඇත්තේ කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක්.

2022 ජනවාරි 11 - බොරැල්ල දේවස්ථාන පරිශ්‍රයෙන් අත්බෝම්බයක් හමුවීම පසුගිය 11 වැනිදා හමුවූ මෙම අත්බෝම්බය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඊට සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ සන්ක්‍රිස්තියන් තනතුර දරණ පුද්ගලයාද අයත්.

අනතුරුව විවිධ ප්‍රදේශවලින් සැකකරුවන් කිහිප දෙනෙකු මෙම සිද්ධියට අදාළව පොලිසිය අත්අඩංගුවට ගත් අතර පිළියන්දල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික වෛද්‍යවරයෙක්ද පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත්තා.

මේ අතර පෙරේදා දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පැවසුවේ අදාළ විශ්‍රාමික වෛද්‍යවරයා නාරාහේන්පිට ලංකා රෝහලේ සහ බෙල්ලන්විල විහාරස්ථානය අසල බෝම්බ තැබීමේ සිද්ධිවලටත් සම්බන්ධ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now