"ඇද වැටුණාද ? සියදිවි හානි කරගත්තාද ?" බම්බලපිටියේදී තට්ටු හතකින් බිමට වැටුණු සිසුවාගේ මරණයේ අභිරහස ! ඇඟ කිළිපොලා යන CCTV දර්ශන මෙන්න

accident gagana news Sri lanka sinhala news today trending
By krishani Jan 30, 2022 12:58 AM GMT
krishani

krishani

Report

බම්බලපිටිය - සත් මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් බිමට ඇඳ වැටී ඊයේ දින(29) 15 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙම පාසල් සිසුවා බම්බලපිටිය - ක්‍රෙට්සර් පෙදෙසේ මහල් නිවාස සංකීර්ණයක පදිංවිව සිට ඇත්තේ ඔහුගේ මව සහ පියා සමගයි.

ඔවුන්ගේ නිවස පිහිටා ඇත්තේ අදාල නිවාස සංකීර්ණයේ 05 වෙනි මහලේයි. පවුලේ එකම දරුවා වන මියගිය සිසුවා ඊයේ පාසල නිම වී ත්‍රීරෝද රථයකින් ඔහු පදිංවි මහල් නිවාස සංකීර්ණයට පැමිණෙන අයුරු රථගාලේ ස්ථාපිත සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබෙනවා.

පසුව ඔහු නිවාස සංකීර්ණයට ඇතුළුවීම සදහා එහි විදුලි සෝපානය වෙත ගමන් කරන අයුරුද එහි දැක්වෙනවා.

පසුව පස්වරු 2.30 ට පමණ ඔහු නිවාස සංකීර්ණයේ ඉහළ මහලින් බිමට ඇද වැටෙන අයුරුද සී.සී.ටී.වී. කැමරා දර්ශනවල සටහන්ව තිබුනා.

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පාසල නිමවා පැමිණි සිසුවා ඔහුගේ මවට දුරකථන ඇමතුමක්ද ලබාගෙන ඇති බවයි.

සිසුවා නිවසට පැමිණෙන විට ඔහුගේ මව ආගමික කටයුත්තක් සදහා නිවසෙන් බැහැරව ගොස් තිබුණා.

පොලිසිය පැවසුවේ මෙම මරණය සියදිවි හානි කර ගැනීමක් ද, ඉහළ මහලින් ඇද වැටී සිදු වු මරණයක් දැයි සොයා බැලීම සදහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now