බොරැල්ල පල්ලියෙ අත්බෝම්බ සිදුවීමට පාප් වහන්සේ මැදිහත් වෙයි !

world gagana news Sri lanka sinhala news today trending news
By krishani Jan 29, 2022 07:50 AM GMT
krishani

krishani

Report

පාස්කු වින්දිතයන්ට යුක්තිය ප‍්‍රමාද වීම සහ බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේ අත් බෝම්බ සිද්ධිය පිළිබදව ශුද්දොත්තම පාප් වහන්සේගේත් වතිකානු පරිපාලනයේත් අවදානය යොමු වී ඇති බව වාර්තා වේ.

පාස්කු ප‍්‍රහාරය පිළිබදවත්, බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බය තැබීමේ සිද්ධිය පිළිබදවත් පැවැත්වෙන විමර්ෂණ පිළිබද තමන්ට විශ්වාසයක් නැති බව මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කර තිබුණි.

පරීක්ෂණ සදහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවටද උන් වහන්සේ පැවසී ය.

ඒ අනුව, පාස්කු ප‍්‍රහාරය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් සියළු සිද්ධීන් පිළිබදව ස්වාධීන වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට වතිකානය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ පිළිබදව මෙරට කතෝලික ප‍්‍රජාවේ ගිහි පැවිදි නායකයන් කිහිප දෙනෙකු වතිකානය සමග සාකච්ඡා කරමින් සිටින බව පැවසේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now